සෙංකෝලය ඔසවාගෙන යාම අශිෂ්ඨ ක්‍රියාවක්

සෙංකෝලය ඔසවාගෙන යාම අශිෂ්ඨ ක්‍රියාවක්

Published on June 25, 2026, 03:14 PM

පාර්ලිමේන්තුවේ සෙංකෝලය ඔසවාගෙන යාම ශිෂ්ඨ ක්‍රියාවක් නොව අශිෂ්ඨ ක්‍රියාවක් බවත් ශිෂ්ඨතාවයට පැමිණිමට හොඳම ස්ථානය පාර්ලිමේන්තුව බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.ජනපතිවරයා අද පාර්ලිමේන්තුව අමතමින් මේ බව පැවැසීය.

"ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස භුක්ති විඳීමට දන්නේ නැති ඉතා කුඩා කණ්ඩායමක් ඉන්නවා. කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ගේ සටන් පාඨවල ශිෂ්ටභාවය ආරක්ෂා කර ගන්නේ? කොහොමද ප්‍රජාතන්ත්‍රවාදී රටක තමන්ගේ නිදහසේ සීමාවන් තමන් තුළින් නිර්වචනය කරගන්නේ?

ඒ පිළිබඳ කිසි අදහසක් නැහැ.අපි දන්නවා මේ සෙංකෝලය උස්සන්න වෙන දා විපක්ෂය පාර්ලිමේන්තුවට බැස්සොත් අනිත් පැත්තෙන් මොකක්ද වෙන්නෙ? ආණ්ඩුවත් බහිනවා . පෙරේදාද කොහෙද බැස්සා හැබැයි ආණ්ඩුවේ එක මන්ත්‍රීවරයෙක් මේ බෙන්ච් එකෙන් පහළට ආවේ නැහැ. ඇයි? හැම වෙලාවෙම මේ රටේ තිබුණා සෙංකෝලය උස්සාගෙන යන එක විපක්ෂයේ වීර ක්‍රියාවක් බව. උස්සාගෙන යන්න නොදී ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වීර ක්‍රියාවක් කියන ඉතිහාසයක්. හැබැයි මේ සැරේ එහෙම වුණේ නැහැ. ජනතාව දකින්නේ සෙංකෝලය උස්සගෙන කරේ තියාගෙන යන එක වීර ක්‍රියාවක් නෙවෙයි අශිෂ්ට ක්‍රියාවක් ලෙසයි.

නමුත් කොතනින් හරි අපි ඒ ශිෂ්ටත්වයට පැමිණිය යුතුව තිබෙනවා. මම හිතනවා ඒකට හොඳම තැන මේ පාර්ලිමේන්තුව බව. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රට මේ යන ගමන ඉතාමත් දිගුකාලීන ස්ථාවර පියවරයන්ට අපි පය තබා තිබෙනවා. ඒ නිසා මේ රට පරිවර්තනය කිරීමට අවශ්‍ය පියවර තමයි අපි මේ ගනිමින් සිටින්නේ."

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post