නව මෙට්‍රෝ බස් සැප්තැම්බරයේ සිට කොළඹ ධාවනයට, රියදුරන් සොයයි

නව මෙට්‍රෝ බස් සැප්තැම්බරයේ සිට කොළඹ ධාවනයට, රියදුරන් සොයයි

Published on July 31, 2026, 04:56 PM

මෙරට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ආනයනය කළ පතුල පහත් මෙට්‍රෝ (Metro) බස් රථ 104 සැප්තැම්බර් මාසයේ සිට මගී ප්‍රවාහනයට යොදවන බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සදහන් කරයි. මෙම බස් රථ කොළඹ නගරය ආවරණය කරමින් ධාවනය කිරීමට නියමිතය.

මේ අතර ලංකා මෙට්‍රෝ බස් රථ සමාගම සඳහා බස් රථ ක්‍රියාකරුවන් (රියදුරු) සඳහා රැකියා අවස්ථාවලට අයදුම්පත් කැඳවීම් සිදු කරනු ලැබේ. බර වාහන රියදුරු බලපත්‍රය සහිත, සාමාන්‍ය පෙළ සමත් වීම සුදුසුකම් ලෙස දක්වා ඇති අතර රුපියල් 115,000ට වැඩි වැටුපක් ලැබිය හැකි බව සදහන් කෙරේ.

ඊට අදාළ අයඳුම්පත්[email protected]ඊමේල් ලිපියනයට හෝ 0701886886 වට්ස්අප් අංකයට හෝ නැතිනම් ‘මානව සම්පත් කළමනාකරු, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම පර්යන්තය, 7වන මහල, සෙත්සිරිපාය දෙවන අදියර, බත්තරමුල්ල ලිපිනයට යොමු කළ හැකිය. අයඳුම්පත් භාරගන්නා අවසාන දිනය 2026.08.31 වේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post