රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය හෙට විවෘත කරයි

රටම එකට ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය හෙට විවෘත කරයි

Published on June 25, 2026, 04:09 PM

ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට සමාජය මුදා ගැනීම අරමුණු කරගත් ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව ‘රටම එකට’ ජාතික මෙහෙයුම් ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානය හෙට (26) පස්වරු 2.00ට කොළඹ 07, විජේරාම මාවතේදී විවෘත කිරීමට නියමිතය.

මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය සෑම වසරකම ජුනි මස 26 වැනි දිනට යෙදී ඇති අතර, එම දිනයට සමගාමීව මුළු දිවයිනම ආවරණය වන පරිදි පළාත් නවය තුළ  මෙම වැඩසටහනට සමගාමීව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

‘රටම එකට’ ජාතික වැඩසටහන පසුගිය වසරේ ඔක්තෝබර් මස 30 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

මෙරට තරුණ ප්‍රජාවේ ජීවිත අවදානමට ලක්කරන විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම අරමුණු කරගත් මෙම ජාතික මෙහෙයුම මඟින් මත්ද්‍රව්‍යවලින් තොර, සුරක්ෂිත සහ යහපත් සමාජයක් ගොඩනැගීම අපේක්ෂා කෙරේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post