ප්‍රතිලාභීන් 425,000කට අස්වැසුම නවතියි

ප්‍රතිලාභීන් 425,000කට අස්වැසුම නවතියි

Published on June 25, 2026, 02:15 PM

ආරම්භක 2023 වර්ෂයේදී කාණ්ඩ 4 ක් යටතේ, ලක්ෂ 16කට ආසන්න පිරිසකට අස්වැසුම දීමනා හිමිවිය. 2025 අප්‍රේල් මාසයේදී ඉන් සිව්වන කාණ්ඩය වන සංක්‍රාන්තික කාණ්ඩයේ ප්‍රතිලාභීන් 315,000කට ගෙවීම් නතර කර ඇත.

එසේම තෙවන කාණ්ඩය වන අවදානමට ලක් වූ කාණ්ඩයට අයත් ප්‍රතිලාභීන් 425,000කටද මේ වසරේ ජුනි මාසයේ සිට අස්වැසුම දීමනාව නතර කරනු බව එම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලසඳහන් කරයි.

ඒඅනුව අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මඟින් ඉදිරියේදී දීමනා ගෙවීම් සිදු කරනු ලබන්නේ දුප්පත් සහ අන්ත දිළිඳු පවුල් සඳහා පමණක් බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටියි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post