පොදු ජන පෙරමුණේ සභාපති, ලේකම්, ජාතික සංවිධායක ඇතුළු 8ට නොතීසි

පොදු ජන පෙරමුණේ සභාපති, ලේකම්, ජාතික සංවිධායක ඇතුළු 8ට නොතීසි

Published on June 25, 2026, 06:00 PM

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුලු එම පක්ෂයෙ 8 දෙනෙකුට ජූලි මස 31 දින නුවරඑලිය දිසා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නුවරඑලිය දිසා අධිකරණයේ දිසා විනිසුරු ලංකාගනී ප්‍රබුද්ධිකා මෙනවිය විසින් (25) දින නොතිසි නිකුත් කර ඇත.

තලවකැලේ ලිදුල නගර සභවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කල ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් (17) දින සිට ධූරයෙන් ඉවත් කල බව ජූනි 17 දින නිකුත් කල අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශ කිරිම සම්බන්ධයෙන් තමාට අසාධාරයක් සිදු වී ඇති බව අසංක සම්පත් පීරිස් විසින් නුවරඑලිය දිසා අධිකරණයේ ගොනුකර තිබු පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කර ඇත්තේ.

අධිකරණය වෙත පෙත්සම ඉදිරිපත් කරමින් ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් මහතා කියා සිටියේ 2025.06.18 දින එම නගර සභාවට සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙතු තොරා පත් කර ගැනීමේදි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කල තමන්ට සභාව තුල කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් තමන්ට ලිඛිතව හෝ වාවිකව කිසිදු උපදෙසක් ලබා නොදීම හමුවේ තමන් ස්වාධීනව කටයුතු කිරිම හමුවේ මෙවැනි විනය පරික්ෂනයක් පවත්වා තමන්ව මෙසේ පක්ෂයෙන් නෙරපා හැරීම අසාධාරණ බවයි.

එම නගර සභාවට ප්‍රසාද ආසන මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරි පත් විමෙන් අනතුරුව එම නගර සභාවේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා තේරිමේදි පක්ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරිම සම්බන්ධයෙන් පැවති විනය පරික්ෂණයකදී අසංක සම්පත් පීරිස් නාගරික මන්ත්‍රිවරයා වැරදිකරු වූ නිසා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කල බව මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දීමේන් පසු එම ඉවත් කිරිම නීත්‍යානුකූලව සිදු කර ඇත.

මේ අතර, පසුගිය දා නුවරඑලිය සමුපාකාර හෝටලයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වයෙන් පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් රැස්වීමට සහභාගි නොවූ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්ට සහ ආසන සංවිධායකවරුන්ට නිදහසට කරුණු ඉල්ලා එම පක්ෂය විසින් තමන්ට ලිපි එවා ඇති බවයි එම රැස්වීම වර්ජනය කල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායකවරුන් කියා සිටියේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post