රාජ්‍ය සේවයේ 9800ට ස්ථිර පත්වීම්

රාජ්‍ය සේවයේ 9800ට ස්ථිර පත්වීම්

Published on April 28, 2026, 02:54 PM

රාජ්‍ය සේවය,පළාත් රාජ්‍ය සේවය,රාජ්‍ය සංස්ථා,ව්‍යස්ථාපිත මණ්ඩල හා අයතනවල සේවය සඳහා තාවකාලික,අනියම්(දෛනික), ආදේශක , කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන ඇති සේවකයන් 9,800කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යෙදී සිටින බව සැලකිල්ලට ගෙන,2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනා අංක 33.11 මඟින් ඔවුන්ට ස්ථිර පත්විම ලබා දීමට ජනාධිපතිතුමා විසින් යෝජනා කරන ලදි.

ඒ අනුව, එම සේවකයින් වෙත ස්ථිර පත්වීම් පිරිනැමීමට අදාළ විධිවිධාන ඇතුළත් චක්‍රෙල්ඛය නිකුත් කිරිම පිණිස මුදල්,ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා සහ රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post