
Published on April 28, 2026, 01:59 PM
දඹුල්ල සංවර්ධන මහා සැලැස්ම අනුව දඹුල්ල රෝහල වර්තමානයේ පිහිටි ඉඩම ආර්ථික සංවර්ධන අරමුණු සඳහා යොදා ගත හැකි වන අයුරින් එම රෝහල වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට නියමිතය.
ඒ අනුව ඒ සඳහා රුපියල් බිලයන 7ක පමණ වැය බරක් දැරීමට සිදුවන බවට ගණන් බලා ඇති අතර එම මුදල මධ්‍යම පළාත් සභාවට දැරිය නොහැකි බැවින් රෝහල මධ්‍යම රජයට පවරාගෙන ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම රේහල ඒ ශ්‍රේණියේ රෝහලක් වන අතර ඇඳන් ධාරිතාව 354කි. මාතලේ, අනුරාධපුර, පොලොන්නරුව,කුරුණෑගල යන දිස්ත්‍රික්කවල 230000ට ආසන්න ප්‍රමාණයක් රෝහලේ සේවය ලබා ගනියි.