විපක්ෂයේ චෝදනාවලට ජනපතිගේ පිළිතුරු මැයි දිනයේදී දෙනවා

විපක්ෂයේ චෝදනාවලට ජනපතිගේ පිළිතුරු මැයි දිනයේදී දෙනවා

Published on April 28, 2026, 03:45 PM

මලයගම් ජනතාවගේ මෙවර මැයි දින පෙළපාලිය සහ රැලිය නුවරඑලිය සිනෙසිටා ක්‍රීඩාංගණයෙදි 05/01 දින ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන බව සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ ලේකම් සී.එම්.ඒ. ප්‍රේමරත්න මහතා පැවසීය.

සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ සභාපති බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිට්නන් සෙල්වරාජ් මහතා සහ එම පක්ෂයේ උප ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවියගේ සහභාගීත්වයෙන් මැයි දිනය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරි සදහා (28) දින හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා ඒ බව පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ එම පක්ෂයේ ලේකම්වරයා කියා සිටියේ, වතුකරයේ ජනතාවගේ ආර්ථික ශක්තිය, යටිතල පහසුකම් ඇතුලු වතු කම්කරුවන් නගා සිටුවීමට වත්මන් ජනාධිපතිවරයා සහ රජය මගින් කෙටි කාලයක් තුල වැඩ කටයුතු රැසක් සිදු කර මෙවර මැයි දින පෙළපාලිය සහ රැලිය පවත්වන බවයි.

දිවයිනේ දිස්ත්‍රික් 22ක් කේන්ද්‍ර කර ගනිමින් ඉතිහාසයේ මෙතෙක් පවත්වා නැතිමැයි දින පෙළපාලි සහ රැලි දිස්ත්‍රික්ක 22 පුරා පවත්වන බවත්, එම සෑම මැයි දින රැස්විමකටම ජනාධිපතිවරයා සහ ජාතික ජන බලවේගයේ මැති ඇමතිවරු රැසක් සහභාගි වීමට නියමිත බවයි සී.එම්.ඒ. ප්‍රේමරත්න මහතා කියා සිටියේ.

මෙරටේ විපක්ෂය තවත් පක්ෂ ගණනාවක් එක් කර ගනිමින් මැයි දිනයක් පැවැත්වීමට කටයුතු කර ඇති බවත්, එම මැයි දින පෙළපාලියට සහ රැලියට රටේ බහුතර ජනතාවක් සහභාගි නොවන බවයි සමස්ත ලංකා වතු කම්කරු සමංගමයේ උප ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය කියා සිටියේ.

විපක්ෂය සුළු සිද්ධීන් කිහිපයක් එකතු කර ගනිමින් ආණ්ඩු පක්ෂයට චෝදනා රැසක් එල්ල කරන බවත්, එම චෝදනාවලට පිලිතුරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මැයි දිනයේදි පිලිතුරු ලබා දෙන බවයි මන්ත්‍රීවරිය වැඩි දුරටත් කියා සිටියේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post