ලංකාවේ පළමු ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය විවෘත කරයි

ලංකාවේ පළමු ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය විවෘත කරයි

Published on January 28, 2026, 04:41 PM

ජපාන රජයේ අරමුදල් සහාය ඇතිව , ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය ( I.O.M.)  විසින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘයක් මගින් , ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා ශ්‍රී ලංකාවේ පළමු , ස්වයංක්‍රීය දේශසීමා පාලන පද්ධතිය  (Automated Border Control ( E - Gate ) System ) 01/27 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ තුළ ස්ථාපිත කිරීම සිදු කෙරුණි .

මෙම පහසුකම යටතේ දකුණු ආසියාවේ බෝවන රෝග වලට ප්‍රතිචාර දැක්වීම සදහා දේශසීමා පාලන හැකියාව ශක්තිමත් කිරීම සිදු කෙරේ.

දැනට මෙම පහසුකම ශ්‍රී ලාංකික ගුවන් මගීන් සදහා පමණක් හිමි වන අතර , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට තත්පර 40 ක් වැනි කෙටි කාළයක් තුළ සිය නිශ්කාශන කටයුතු නිම කර ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් පිට වී යාමට අවස්ථාව උදා වී තිබේ .

මෙම අවස්ථාවට වරාය , සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල , වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු , ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමාතා , ආගමන විගමන දෙපාර්තමේන්තු පාලක ජනරාල් චමින්ද පතිරාජ සහ ශ්‍රී ලංකාව සහ මාළදිවයින සදහා ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයේ මෙහෙයුම් ප්‍රධානී ක්‍රිස්ටීන් පාර්කෝ මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ .

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post