සුනාමි ගම්මානයේ වෙඩිල්ල පාතාලයේ අනියම් පෙමක පලහිලව්වක්

සුනාමි ගම්මානයේ වෙඩිල්ල පාතාලයේ අනියම් පෙමක පලහිලව්වක්

Published on January 28, 2026, 02:40 PM

අම්බලන්ගොඩ , ගලගොඩ සුනාමි ගම්මානයේ ඊයේ රෑ සිදුවූ වෙඩි තැබීමකින් මිය ගිය පුද්ගලයාගේ ඝාතකයන් අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් අටක් පමණ යෙදවූ බව අම්බලන්ගොඩ මූලස්ථාන පොලීසිය කියයි. වෙඩි තැබීමෙන්  අම්බලන්ගොඩ ,ගලගොඩ , රොටරි සුනාමි ගම්මානයේම පදිංචි දිමුතු සම්පත් නමැති විසිනව  හැවිරිදි තරුණයකු බවද පොලීසිය කියයි.

වෙඩි වැදී   මිය ගිය තැනැත්තා  තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මාරාන්තික තුවාල රෝහල්ගතව ප්‍රතිකාර ලබාගෙන සුවය ලබා මීට දින කිහිපයකට උඩදී නිවසට පැමිණි අයෙක් බවද පොලීසිය කියයි.

ඔහුට තියුණු ආයුධ ප්‍රහාරයත් මේ වෙඩි තැබීමත් මෙහෙයවා ඇත්තේ එක් අයෙකු බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බවද පොලීසිය කියයි. ඔහු අක්මීමණදී විශාමික බන්ධනාගාර නිලධාරියෙකුගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වන පාතාල කණ්ඩායම් සාමාජිකයෙකුගේ වැඩක් බවද පොලීසිය කියයි. සැකකරු කරන්දෙණිය සුද්දාගේ ගෝලයකු බවද පොලීසිය කියයි.

මිය ගිය තැනැත්තා ඔහු ඝාතනය කළ පාතාල කණ්ඩායමේම සාමාජිකයෙකු ලෙස කාලයක් සිට ඇති බවත් පසුව  මේ ඝාතනය මෙහෙයවා ඇති පාතාල කණ්ඩායම් සාමාජිකයා ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී ඔහුගේ භාර්යාව සමග මිය ගිය තැනැත්තා අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි යන චෝදනාව මේ ඝාතනයට හේතුව බවද පොලීසිය කියයි.

සිය භාර්යාව සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියේ යයි කියමින් පාතාල කණ්ඩායම් සාමාජිකයා මිය ගිය තැනැත්තා ඝාතනය කිරීමට තියුණු ආයුධ පහාරයක් මීට පෙර එල්ල කළ බවත් එම පහාරයෙන් ඔහුට මාරාන්තික තුවාල ලැබූවද මරණයට පත් නොවී සුවය ලැබූ බවත්  පළමු පයත්නය අසාර්ථකවුවද එයින්  පසුබට නොවී දෙවැනි වර වෙඩික්කරුවකු යොදවා ඔහු ඊයේ (27)රෑ වෙඩික්කරුවකු යොදවා ඝාතනය කොට ඇති බවත් පොලීසිය කියයි.

දෙවැනි වර ඔහු ඝාතනය කිරීමට වෙඩිකරුවා පැමිණ ඇත්තේ පාගමනින් බවත් ඝාතනය සඳහා යොදවා ගෙන තිබුණේ පිස්තෝල වර්ගයේ ගිණි අවියක් බවත් පොලීසිය කියයි.වෙඩි වැදීමෙන් මිය ගිය තැනැත්තා ඊයේ(27)රෑ අටට පමණ නිවසින් එළියට බැහැරට ගොස් ඒ ආසන්නයේ මහ පාරේ රැදී සිටියදී මේ වෙඩි පහාරයට ගොදුරුවී ඇති බවද පොලීසිය කියයි.

මේ වෙඩි තැබීමේ  වෙඩික්කරු යතුරු පැදියකින් පැමිණ එය මග දමා විත් මේ වෙඩි තැබීම සිදුකොට පලා යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.  වෙඩි වැදීම්  රැසක්ම  මිය ගිය තැනැත්තාගේ සිරුරේ තිබෙන බවත් ඔහුගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම සඳහා බලපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ  තැන්පත් කොට තිබේ.

ඇල්පිටිය ජෙයෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය ,අම්බලන්ගොඩ මූලස්ථාන පධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර විජේකෝන්,අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පභාත් ඇල්පිටිය ස්ථානීය අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් වැඩි දුර පරීක්ෂණ පවත්වති.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post