
Published on January 28, 2026, 03:56 PM
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් ගමනට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර මාර්තු මස නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම දැනුම්දීම සිදු කළේය.