නුවරඑළියේ හයක් මරුට

නුවරඑළියේ හයක් මරුට

Published on November 27, 2025, 04:06 PM

නුවරඑලිය දිස්ත්‍රික්කයේ අයහපත් කාලගුණයෙන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත්, 04 දෙනෙකු අතුරුදහන් වී ඇති බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය (27) දින මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ මිය ගිය පිරිස සහ අතුරුදහන් වූවන් වලපනේ මුංවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ නායයැම් සහ පසු කදු කඩා වැටීම් තුලින් පූර්ණ වශයෙන් සිදු වූ හානි ගණනය කිරිමෙන් පවතින බවත්, අර්ධ වශයෙන් නිවාස 87 කට හානි සිදු වී ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.

වලපනේ මුංවත්ත නිල්දණ්ඩා හින්න ඇතුලු වලපනේ මතුරට සහ නෝර්වුඩ් සහ නුවරඑලිය ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශවල අවතැන් කදවුරු ගණනාවක් ස්ථාපනය කර ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරිය කියා සිටියේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post