ශ්‍රී පාද මළුවේ නාය යෑමක් නෑ

ශ්‍රී පාද මළුවේ නාය යෑමක් නෑ

Published on November 30, 2025, 06:20 PM

ශ්‍රී පාද මළුවේ නායයෑමක් සිදු වී ඇති බවට ඇතැම් සමාජ මාධ්‍යවල පලවුණ පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසූූහ.

මාධ්‍යම විශේෂ ප්‍රකාශයක් කරමින් ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියන් කියා සිටියේ සෑම වසරකම අධික වර්ෂාව පවතින කාලයේ ශ්‍රීපාද මළුවට පහළින් පර්වතයේ වැවී ඇති ශාක වර්ග වර්ෂාවත් සමග පහළට කඩා වැටෙන බවයි.

එය ස්වාභාවික සිද්ධියක් බවත්, මෙම සිද්ධිය සිදු වී ඇත්තේ රත්නපුර මාර්ගයේ බවත්, ඉන් ශ්‍රීපාද මළුවට හෝ ශ්‍රී පාදස්ථානයට කිසිදු බලපෑමක් සිදු වී නොමැති බවයි ශ්‍රි පාදස්ථානාධිපති නා හිමියන් වැඩි දුරටත් කියා සිටියේ.

අධික වර්ෂාව පවතින සමයේ ශ්‍රිපාද පර්වතයේ වැවී ඇති ශාක වර්ග පහළට කඩාගෙන වැටෙන බවත්, හැටන් සහ රත්නපුර මාර්ගය සම්බන්ධවන ඉදිකටු පහණ මාර්ගයට එවැනි ශාක සහිත පස් තොගයක් (29) දින පහළට වැටී ඇති බවත්, එසේ වැටුණු ශාක වර්ග කඩිනමින් ඉවත් කිරිමට පියවර ගෙන ඇති බව හැටන් කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා පැවසිය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post