දායකයෙක් සමග චෛත්‍යයේ කොතට වී තෙදිනක් ගතකර දිවි බේරාගත් හාමුදුරුවෝ

දායකයෙක් සමග චෛත්‍යයේ කොතට වී  තෙදිනක් ගතකර දිවි බේරාගත් හාමුදුරුවෝ

Published on November 30, 2025, 04:08 PM

"27දින රාත්‍රිය වනවිට ගංවතුර ඇතිවන බව දැනගත්තා. නමුත් මීට පෙර අවස්ථා කිහිපයකම තියෙන අත් දැකීම් අනුව මම හිතුන වෙනද වගේම සාමන්‍ය ගංවතුර තත්වයක් ඇතිවෙයි කියල.ඒ නිසා මම හිටියා. මමත් එක්ක බාලසූරිය මාමත් හිටිය .චෛත්‍ය පහළ ඉඳලා වතුර වැඩි වෙනකොට චෛත්‍ය උඩටම ගියා එහි කොටසක ඉන්න පුළුවන් කම තියෙනව.වැස්ස නිසා කුඩත් ඉහළගෙන හිටියා. පස්සෙ හමුදාව බෝටබෝට්ටුවලින් ඇවිත් ඉන්නවත් දැක්ක අපි එයාලට කෑගහුව නමුත් වැඩක් වුනේ නෑ."

යැයි දින තුනක් තිස්සේ පැවති අධික ගංවතුර මැද සිය විහාරස්ථානයේ චෛත්‍යය ඉහළ කොටසක සිය දායක මහතෙකු සමග කොටුවී සිටි කලාඔය සිරිවිජය බෝරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ,උතුර උතුරු මැද දෙපළාතේ උපප්‍රධාන සංඝනායක රන්දොඹේ පියනන්ද හිමියෝ අද 30දින උදෑසන සිය භිහිසුනු අත්දැකීම විස්තර කරමින් පැවැසුහ.

"අපි දන්න නෑ බස්එකක් පංසල ඉස්සරහ පාරේ නැවතිල මිනිස්සු අනතුරට පත්වෙලා කියල අද තමයි බස් එක දැක්කෙත්.වෙන දෙයක් වෙන්න කියල හිටියා ඩ්‍රෝනයකින් අපිට යම්යම් දේ ලැබුණ. මම අම්ම තාත්තා ඇතුලු සියලු දේ අතහැරල මහනවුුුණ⁣කෙනෙක් මට දැන් වයස පනහක් විතර වෙනව. මගෙ ජීවිත කාලයට මෙහෙම ව්‍යසනයක් දැකල නෑ. එක්චර දේවල් අතහැරල ආපු මට මේ ගොඩනැගිලි රැකල ජීවිත නැතිකරගන්නෙ මොකටද කවුරු හරි එහෙම කියනව නම් එයාලට මම අනුකම්පාකරනව. දැන් ඒවවැඩක් නෑ.පංසලට කෝටි ගනණක විනාශයක් වෙලා තියෙන්නෙ .අපි දැන් බලන්න ඕන කාගෙත් උදව් ඇතිව පංසල හදාගන්න ඒ සඳහා එකතුවෙමු කියල මේ අවස්ථාවෙ සියලු දෙනාගෙනිම මම ඉලල සිටිනව"

කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චිකලඔය විජයබෝධි රාමාධිපති රන්දොඹේ පියනන්ද  හිමි සහ උන්වහන්සේ සමග ගංවතුරට කොටුවූ  බාලසූරිය මහතා සහපංසලට සිදුවී ඇති හානිය ⁣

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post