
Published on December 01, 2025, 08:21 AM
පවතින ආපදා තත්ත්වය තුළ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම උදෙසා ක්‍රියාත්මක අත්‍යවශ්‍ය සේවා හි නිරත රජයේ සහ පුද්ගලික අංශයේ නිලධාරීන් සහ වෘත්තිකයන්ගේ දරුවන් රැකබලා ගැනීම වෙනුවෙන් අද (01) වන දින සිට ආරක්ෂිත බව තහවුරු කරන ලද දිවා සුරැකුම් මධ්‍යස්ථාන නැවත ආරම්භ කරන මෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සියලුම දිවා සුරැකුම් මධ්‍යස්ථාන භාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.