‍’නොබෙල් තෑග්ග’ අත්වැරදීමක්

‍’නොබෙල් තෑග්ග’ අත්වැරදීමක්

Published on September 30, 2025, 02:57 PM

ජපානයේ පැවැති තේ වෙන්දේසියකදී ලොව මෙතෙක් ඉහළම මිලට අලෙවි වූ කලු තේ සඳහා වන ගිනස් වාර්තාව යන්නට නොබෙල් තෑග්ග යනුවෙන් ප්‍රකාශ කළේ අත්වැරදීමකින් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සිය ෆේස් බුක් ගිණුමෙන් පවසයි.

ඔහුගේ සටහන පහත පරිදි වෙයි.

'ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින්, ජපානයේ පැවති වෙන්දේසියකදී නිව් විතානකන්ද සිලෝන් කළු තේ (New Vithanakande Ceylon Black Tea) ලොව මෙතෙක් අලෙවි වූ ඉහළම මිල සහිත තේ ලෙස ගිනස් ලෝක වාර්තා අතරට එක් වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී ‘ගිනස් වාර්තාවක්’ යන්න වෙනුවට ‘නොබෙල් තෑග්ගක් යන වචනය මා අතින් අත්වැරදීමකින් ප්‍රකාශයට පත් වූ අතර ඒ පිළිබඳව කණගාටු වෙමි.

මේ වනවිට මා වෙතින් සිදුවූ අත්වැරදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය අර්ථකථන සහිත සංවාදයක් මතු වී තිබේ. විපක්ෂයේ ඇතැමුන් විසින් හිතාමතා මතුකරන මෙම බංකොලොත් සංවාදය පිළිබඳවද කණගාටු වෙමි.'

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post