වගා භූමියට යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් වන අලි ප්‍රහාරයකින් මරුට

වගා භූමියට යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් වන අලි ප්‍රහාරයකින් මරුට

Published on September 30, 2025, 03:52 PM

සිය වගාභූමිය වන අලින්ගෙන් රැක ගැනීම සදහා යතුරු පැදියකින් වගාභූමියට යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු සූරියවැව  මහගල්වැව පරණ රන්මුදුවැව මාර්ගයේදී 29 රාත්‍රී 08ට පමණ වන අලි ප්‍රහාරයකට ලක්ව එක පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු අතුරුදහන්ව තිබූ අතර ඔහුද වන අලි ප්‍රහාරයෙන් මියගොස් සිටියදී අද (30)පෙරවරුවේ සොයාගත් බව සූරියවැව  පොලිසිය පවසයි.

මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව මිය ගොස් සිටි මහසෙන්පුර, සූරියවැව ලිපිනයේ පදිංචි වයස අවුරුදු 49 ක් වන අමරකෝන් කංකානම්ගේ ප්‍රේමරත්න නැමති අයගේ සිරුර වන්ජීවී නිළධාරීන්ගෙ හා  පොලිස් නිළධාරීන්ගෙ සහායෙන් මහත් පරිශ්‍රමයක් දරා එම ස්ථානයෙන් පිටතට ගෙන හදිසි මරණ පරීක්ෂණය පවත්වා සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා හම්බන්තොට මහ රෝහල වෙතයැවීමට කටයුතු කෙරුණි.

අනතුරුව අතුරුදහන් වූ පුද්ගලයා සොයා  සිදුකල විමර්ශනයේදී ඔහුද වන අලි ප්‍රහාරයෙන් මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එලෙස මියගොස් සිටියේ මහගල්වැව ප්‍රදේශයේම පදිංචි  වන්නි ආරච්චි කංකානම්ගේ ගුණපාල නමැති 60 හැවිරිදි පුද්ගලයෙකි.සිද්දිය  සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. ප්‍රදේශවාසීන්  චෝදනා කරන්නේ දිනපතාම සවස හය පමණ වන විට මෙම ගම්මාන වලට වන අලින් කඩා වදින බවත් ඒ සම්බන්ධයෙන් නිලධාරින් කොතෙකුත් දැනුවත් කර ඇති බවත් ඊට මෙතෙක් කිසිවෙකුත් නිසි ප්‍රතිචාර දක්වා නොමැති බවත්ය.වන අලි සිටින කැලෑ මේ වන විටත් විවිධ කැලෑ ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවත් මේ නිසා වන අලින් නිතර නිතර ගම් වදින බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරති.

සූරියවැව ණුවන් ජයසේකර

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post