
Published on September 01, 2025, 08:21 AM
හමාස් සන්නද්ධ අංශයේ ප්‍රකාශක අබු ඔබෙයිඩා ඊශ්‍රායෙලය විසින් ගාසා නගරයේ නිශ්චිත ඉලක්කයකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව ඊශ්‍රායලය පවසයි.
කෙසේ වෙතත් හමාස් සංවිධානය මෙම මරණය තහවුරු කර නැත. දිස්ත්‍රික්කයේ නේවාසික ගොඩනැගිල්ලකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් කිහිප දෙනෙක් මිය ගොස් ඇති බව හමාස් සංවිධානය පවසයි.
ගාසා නගරයේ ජනාකීර්ණ අල්-රිමාල් අසල්වැසි ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, තුවාල ලැබූවන් අතර ළමුන් සිටින බවත් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වාර්තා කරයි.