අර්තාපල් ගොවීන් දැඩි දුෂ්කරතාවයකට

අර්තාපල් ගොවීන් දැඩි දුෂ්කරතාවයකට

Published on August 29, 2025, 07:25 AM

ඇතැම් ප්‍රදේශවල දේශීය ආර්තාපල් කිලෝවක ගැනුම් මිල රු.200දක්වා පහත වැටීම හා මිලදී ගන්නා ප්‍රමාණය සීමා කිරීම නිසා අර්තාපල් ගොවීන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව  සිටින බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

රටින් ගෙන්වන අර්තාපල් සඳහා  බදු මුදල් ප්‍රමාණය මේ වන විට ඉහළ දමා තිබුණත් පසුගිය කාලයේදී විශාල වශයෙන් අර්තාපල් තොග රටට ගෙන්වා  ගබඩාවල ගොඩගසා ගෙන තිබෙන බවද එම සංගමයේ සභාපති  අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

ආර්තාපල් කිලෝවක් නිෂ්පාදනය කිරිම සඳහා ආසන්න වශයෙන් රු.220-  රු.230 අතර මුදලක් මෙම කන්නයේදී ගොවීන්ට වැය වී තිබෙන නිසා ආසන්න වශයෙන් අර්තාපල් කිලෝවකට රු.250කට වැඩි මුදලක් ගොවීන්ට ලැබි යුතු බවද ඔහු පැවසීය.

රටේ අවශ්‍යතාවෙන් සියයට විස්පහක් වැනි ප්‍රමාණයක් දේශීය ගොවීන් නිෂ්පාදනය කරන බවත්  පසුගිය කාලයේදී අධික ලෙස අර්තාපල් රට තුළට ගෙන්වීම නිසා දේශීය ගොවීන් මෙම තත්ත්වයට මුහුණ දෙන බවත් හෙතෙම පැවසීය.

විදේශීය රටවලින් ගෙන්වූ අර්තාපල් කිලෝවක සිල්ලර මිල රු.140- රු.150 අතර මුදලක් වන නිසා දේශීය ගොවීන්ගේ අස්වැන්න මිලදී ගැනීමට රජය වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

මෙම කන්නයේ අස්වැන්න වෙළෙඳ පොළට ලැබීම ආරම්භ වී තිබෙන බවත් වැඩි වශයෙන් තොග ලැබෙන්නේ තවත් සති තුනකට පසුව බවත් එම කාලය වන විට ගැනුම් මිල තවදුරටත් පහත වැටීමට නියමිත බවත් හෙතෙම පැවසීය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post