රාජිත හෙට අධිකරණයේ පෙනී සිටින බව නීතිඥවරයා පවසයි

රාජිත හෙට අධිකරණයේ පෙනී සිටින බව නීතිඥවරයා පවසයි

Published on August 28, 2025, 10:34 PM

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළැයි කියන සිද්ධියට අදාළව මාස තුනක පමණ කාලයක් තිස්සේ සැඟව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හෙට (29) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ මහත්මියට අද (28) දැනුම් දුන්නේය.

වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවන්නැයි ඉල්ලමින් රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම කැඳවූ අවස්ථාවේදී ඒ බව දැනුම් දෙමින් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස මහතා කළ ඉල්ලීමකට අනුව විනිසුරුවරිය අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසිද නිකුත් කළාය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමේ  වගඋත්තරකරුවන් වශයෙන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.

සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අවස්ථා ගණනාවකදී අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට දැනුම්දීම් කර තිබුණත් ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී නොසිටී බව අල්ලස් කොමිසම මීට පෙර අවස්ථාවක අධිකරණයට දැනුම් දී තිබිණී.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post