මේ වසරේ මේ දක්වා වෙඩි තැබීම් 89 ක්

මේ වසරේ මේ දක්වා වෙඩි තැබීම් 89 ක්

Published on August 28, 2025, 09:29 PM

මෙම වසරේ මේ දක්වා දිවයින පුරා වෙඩිතැබීම් 89 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මේ වන විට පුද්ගලයන් 48 කු මියගොස් තවත් පුද්ගලයන් 50ක් පමණ තුවාල ලබා ඇත.

ඊයේ (27) රාත්‍රී පානදුර දකුණ පොලිස් වසමින් සිදු වූ වෙඩි තැබීමත් සමඟම පානදුර පොලිස් කොට්ඨාසයේ මෙම වසරේ මේ දක්වා පානදුර දකුණ , හිරණ , පින්වත්ත සහ බණ්ඩාරගම යන පොලිස් වසම්වලින් වෙඩිතැබීම් 07 ක් වාර්තා වී පුද්ගල මරණ 3 ක් සිදු වී ඇත.එම වෙඩි තැබීම් හතෙන් පහක් කුඩු සළිඳු පාර්ශ්වය විසින් නිලංග පාර්ශ්වය වෙත එල්ල කර ඇති අතර එමගින් පුද්ගල මරණ තුනක් සිදුව ඇත. නිලංගගේ පාර්ශ්වය විසින් කුඩු සළිඳු පාර්ශ්වයට වෙඩි තැබීම් දෙකක් සිදු කර ඇත.

ෙඊයේ (27) රාත්‍රී කුඩු සළිඳුගේ පාර්ශවය විසින් ඝාතනයට ලක් කරන ලද්දේ ඉන්දුනීසියාවේ ජාකාරතා නුවරදී පොලිස් අත්අඩංගුවට පත් වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩුනිලංකගේ මාමණ්ඩියයි.‍ෙ

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් පානදුර කුඩු සළිඳු , පානදුර නිලංක ,බඩෝ විට අසංක , කොස් මල්ලි , දෙහිබාලේ මල්ලි , දෙහිවල සැන්ඩෝ, ගාල්ලේ විදුර, කොස්ගොඩ සුජී, ලොකු පැටි , කෙහෙල්බද්දර පත්මේ , ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලි නමැත්තාගේ සමීපතමයන් හා ඝාතනයට ලක් වූ ගනේ මුල්ලේ සංජීවගේ සමීපතමයන් විසින් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post