ගුවන් ධාවන පථ ආශ්‍රිතව සරුංගල් යැවීම අවධානම්

ගුවන් ධාවන පථ ආශ්‍රිතව සරුංගල් යැවීම අවධානම්

Published on August 28, 2025, 08:24 PM

මේ දිනවල ප්‍රචලිතව පවතින සරුංගල් යැවීම ආශ්‍රිතව සිදුවිය හැකි ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ සඳහන් වන්නේ කුඩා ළමුන්  සහ වැඩිහිටියන් මහත් සේ ප්‍රිය කරන සරුංගල් සමයත් සමග ගුවන් ධාවන පථ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීම ඉතා අවදානම් සහිත කාරණාවක් බවය.

ලොව පුරා සිදුවන ගුවන් අනතුරුවලට එක් හේතුවක් ලෙස ගුවන් ධාවන පථ සමීප ප්‍රදේශවල සරුංගල් යැවීම සඳහන් කළ හැකි බවද ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.

මෙය ගුවන් යානා පියාසර කිරීම සඳහා සෘජුව බලපාන බාධකයක් වන බවත් අප රටේද කටුනායක, රත්මලාන, හිඟුරක්ගොඩ, චීනවරාය, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියා, වීරවිල සහ මත්තල යන ප්‍රදේශවල ඇති ගුවන් ධාවන පථ සමීපයේ බහුලව සරුංගල් යැවීම අතිඅවදානම් කරුණක් බවත් පෙන්වා දෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post