චීනයේ හමුදා පෙළපාලියට කිම් ජොන් උන් එක්වෙයි

චීනයේ හමුදා පෙළපාලියට කිම් ජොන් උන් එක්වෙයි

Published on August 28, 2025, 09:11 AM

චීනයේ ජපානයට එරෙහි යුද්ධයේ 80 වන සංවත්සරය සහ දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කිරීම වෙනුවෙන් පැවැත්වෙන "ජයග්‍රාහී දින" චීන හමුදා පෙළපාළියට  උතුරු කොරියානු නායක කිම් ජොන් උන්එක්වන බව චීන විදේශ අමාත්‍යාංශය කියයි.

මෙම පෙළපාළිය ලබන 03 දා බීජිංහි පැවැත්වෙන අතර මෙම අවස්ථාවට සහභාගී වීමට අපේක්ෂා කරන රාජ්‍ය නායකයින් 26 දෙනා අතර රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද සිටින බව චීනය පවසයි.

මෙම පෙළපාළියේදී චීනය සිය නවීනතම ගුවන් යානා, යුධ ටැංකි සහ ඩ්‍රෝන් නාශක පද්ධති ඇතුළුව සිය නවතම ආයුධ ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කෙරේ. චීනයේ නව හමුදා ව්‍යුහය පෙළපාළියක සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනය කරන පළමු අවස්ථාව මෙයයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post