
Published on August 28, 2025, 07:39 AM
කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවටගත් පිරිස අතරට පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වාගන්නා අපරාධ කල්ලි සාමාජිකයින්ට අමතර බැකෝ සමන්ගේ බිරිඳ හා ඔවුන් දෙදෙනාගේ දරුවෙක්ද සිටින බව වාර්තා වෙයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ කාලීනව කළ මෙහෙයුමකින් පසුව ජාත්‍යන්තර පොලීසියේ හා ඉන්දුනීසියාවේ පොලීසිය එක්ව ඒකාබද්ධව කළ මෙහෙයුමකින් පසුව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.
ගණේමුල්ල සංජීව නැමැත්තා අධිකරණය තුළ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා ලෙස කෙහෙල්බද්දර පද්මේ හඳුනාගෙන ලැබ තිබේ.