මසක් තුළ ඇමෙරිකාවේ දෙවැනි යුද නෞකාවත් ලංකාවට එයි

මසක් තුළ ඇමෙරිකාවේ දෙවැනි යුද නෞකාවත් ලංකාවට එයි

Published on August 28, 2025, 02:13 PM

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS TULSA (LCS 16)’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා 2025 අගෝස්තු මස 27 වැනි දින කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙරිණි.

මෙලෙස කොළඹ වරායට පැමිණි Littoral Combat වර්ගයට අයත් ‘USS TULSA (LCS 16)’ නෞකාව, දිගින් මීටර් 127.6 ක් වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් K. A. Moyer කටයුතු කරනු ලබයි. මෙම නෞකාවේ, කුඩා ප්‍රහාරක හෙලිකොප්ටර් යානා මෙන්ම, ප්‍රහාරක බලකා සහ සන්නද්ධ රථ ප්‍රවාහනය කිරීමටද හැකියාව ඇත.

මෙම නෞකාවේ පැමිණීමත් සමගින් මසක් තුළ ශ්‍රී ලංකාවට පැමිණි දෙවැනි යුද නෞකාව මෙය වෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post