බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් තොප්පියක් රු. ලක්ෂ 860ට අලෙවි වෙයි

බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් තොප්පියක් රු. ලක්ෂ 860ට අලෙවි වෙයි

Published on August 29, 2025, 01:29 PM

1946-47 අළු බඳුන තරගාවලියේදී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් පැළඳ සිටි තොප්පියක් ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරය විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 438,500 කට (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 286,700 / රුපියල් ලක්ෂ 860කට) මිලදී ගෙන ඇත.

මෙම කොළ පැහැති තොප්පිය කැන්බරා කෞතුකාගාරය විසින් අත්පත් කර ගන්නා ලද අතර, එහි වියදමෙන් අඩක් ෆෙඩරල් රජය විසින් දරන ලදී.

දෙවන ලෝක යුද්ධයෙන් පසු එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ පළමු අවස්ථාව වූ 1946-47 තරඟාවලියේදී ඕස්ට්‍රේලියාව කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ බ්‍රැඩ්මන් විසින් වන අතර එම තරගාවලියේදි‍ බ්‍රැඩ්මන් මෙම තොප්පිය පැළඳ සිටියේය. මෙම තරගාවලිය ඕස්ට්‍රේලියාව3-0 ලෙස ජයග්‍රහණය කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post