සුනඛයෙකුට පහර දී ඇළට වීසි කල තරුණයා රිමාන්ඩ්

සුනඛයෙකුට පහර දී ඇළට වීසි කල තරුණයා රිමාන්ඩ්

Published on August 29, 2025, 02:30 PM

නානුඔය එඩිම්බරෝ වත්තේ නිවසක සුරතලයට ඇති කල සුනඛයෙකුට අමානුෂික ලෙස පහර දී අල්ලා පොළවේ ගසා නානුඔය ඇළට වීසි කල තරුණයා නානුඔය පොලිසිය මගින් (28) දින සැකපිට අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාංගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කල පසු සැකකරු 9/10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළාය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නානුඔය එඩිම්බරෝ වත්තේ පදිංචි මෝහන සුන්දරම් ලක්ෂාන් නැමති 17 හැවිරිදි තරුණයෙකි.

සැකකරු අසල්වාසියෙක් විසින් සුරතලයට ඇති කරන සුනඛයෙකු විසින් සැකකරු සුරතලයට ඇති කරන බළල් පැටවෙකු සපා තුවාල සිදු කිරිමේ සිද්ධිකට උරන වී ඉකුත් (22) වන දින සුනඛයාට අමානුෂික ලෙස පොල්ලකින් පහර දී පොළවේ ගසා කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඇළට දමා ඇත.

ඇළට වැටුනු සුනඛයා තුවාල සහිතව ඇළ දිගේ පීනා විත් නිවසට පැමිණ ඇත. එම නිවසේ තුවාල ලැබූ සුනඛයාට අමතරව සුරතලයට තවත් සුනඛයෙකුද ඇති කරනු ලබයි.

සුනඛයාට පහර දී ඇළට දමන අයුරු සැකකරුගේ මිතුරෙකු විසින් ජංගම දුරකථනයෙන් විඩියෝගත කර සමාජ මාධ්‍යට මුදාහැර තිබියදී සුනඛයාගේ අයිතිකාර කාන්තාව එම දැක පසුව සැකකරුට එරෙහිව නානුඔය පොලිසියට පැමිණිල්ලක් (27) දින ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරු සුනඛයාට ප්‍රතිකාර ලබා දෙන බවට පැමිණිලි පාර්ශවයට පොරොන්දු වී මෙන් පසු නානුඔය පොලිසිය විසින් එම සිද්ධිය පිළිබදව දෙපාර්ශව එකගතාවය මත සමතයකට පත් කර තිබුණි.

සමාජ මාධ්‍යට මුදා හැර තිබු දර්ශණ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු නානුඔය පොලිසිය විසින් සැකකරු යලිත් (28) දින අත්අඩංගුවට ගෙන (29) දින නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

වීඩියෝ ගත කර සමාජ මාධ්‍යට මුදාහැරි සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා විමර්ෂණ ආරම්භ කර ඇති බවයි නානුඔය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඩී.සී. ජනක මහතා කියා සිටියේ.

මේ අතර, සුනඛයාට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය මාධ්‍ය මගින් හෙළිදරවු වීමත් සමග සත්ව සුභසාධන සංසදය විසින් සුනඛයාට පහර දුන් තරුණයාට අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට ද පිටපත් සහිතව නානුඔය පොලිසිය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලිමක් කර තිබුණි.

එම සංසදයේ නියොජිතයෙකු (28) දින පහර දීමෙන් තුවාල ලබා සිටින සුනඛයා බැලීමට එම නිවස වෙත ගිය බව එම සංසදයේ විධායක සභික ගිහාන් දිනුෂ්ක මහතා පැවසීය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post