ඉදිරි දින කිහිපයේදී පළාත් කිහිපයකට වැස්ස වැඩිවෙයි

ඉදිරි දින කිහිපයේදී පළාත් කිහිපයකට වැස්ස වැඩිවෙයි

Published on July 31, 2025, 11:02 AM

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, ඌව හා නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකාර වායුයෙෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව හා නැහෙනහිර පළාත්වල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර හා සබරෙමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි යැයි කාලගුණ විද්‍යා නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post