දෙවැනි කුඹල් පෙරහර අද

දෙවැනි කුඹල් පෙරහර අද

Published on July 31, 2025, 10:21 AM

සෙංකඩගල ඓතිහාසික ඇසළ පෙරහරේ දෙවැනි කුඹල් පෙරහර අද (31) වීදි සංචාරය කිරීමට නියමිතය.

අද රාත්‍රි 7.01 ට යෙදෙන සුබ මූර්තියෙන් උතුරු දිශාභිමුඛව පෙරහර පිටත්ව දළදා වීදිය ඔස්සේ පැමිණ ඩී. එස්. සේනානායක වීදියෙන් රජවිදියට හරි ඉහළටවිත් පෙරහර ගෙවදීමට නියමිතය.

මේ අතර ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර ඊයේ (30) පස්වරු 7.05 ට යොදුන සුභ මුහුර්තියෙන් වීදි සංචාරය කරන්නට යෙදුණි.

ප්‍රථම කුඹල් පෙරහරේ සධාතුක කරඬුව වැඩම්මවීමේ පින්බර අවස්ථාව උදා කර ගැනීමට මෙවර  හිමිව තිබුණේ ශ්‍රී දළදා මාළිගාවේ ඇත් පන්තියේ මංගල හස්තියා වශයෙන් සැලකෙන ඉන්දිජාටය. දෑල හස්තීන් වශයෙන් කෝට්ටේ රාජා සහ බුරුම රාජා ගමන් කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post