කොස්ගොඩ තරුණයා ඝාතනයට ගෙනා යතුරු පැදිය හමුවෙයි?

කොස්ගොඩ තරුණයා ඝාතනයට ගෙනා යතුරු පැදිය හමුවෙයි?

Published on July 31, 2025, 01:27 AM

කොස්ගොඩ දූවේමෝදර තරුණයාගේ ඝාතනයට පැමිණියේ යැයි සැකකෙරෙන යතුරු පැදිය ඉඳුරුව අතුරුවැල්ල පාලම පාමුල දමා ගොස් සිටියදී අද (31දා) උදේම සොයා ගත් බව ද කොස්ගොඩ පොලීසිය කියයි.

තරුණයාගේ ඝාතකයන් හඳුනා ගැනීම සඳහා තොරතුරු සොයමින් සිටියදී සැකකටයුතු අයුරින් දමා ගිය යතුරු පැදියක් පිළිබඳව නිර්නාමික දුරකතන ඇමතුමකට අනුව මේ යතුරු පැදිය ඉඳුරුව අතුරුවැල්ල පාලම පාමුල දමා ගොස් සිටියදී සොයා ගැනුනු බව ද පොලීසිය කියයි.

සොයා ගැනුනු යතුරු පැදිය පල්සර් වර්ගයට අයත් එකක් බවත් යතුරු පැදිය කොස්ගොඩ තරුණයාගේ ඝාතනයට පැමිණි යතුරු පැදිය දැයි යන්න නිගමණය කිරීමට පරීක්ෂණ ආරම්භ කළ බව ද පොලීසිය කියයි .ඒ සඳහා ද මාර්ග දෙපස ආයතනවල සහ නිවාසවල සී.සී.ටී.වී කැමරා දත්ත උපයෝගී කර ගන්නා බවද පොලීසිය කියයි.

යතුරු පැදියේ හිමිකරුගේ අනනයතාවය පිළිබඳව මෝටර් රථ පවාහන කොමසාරිස් කාර්යාලයෙන් විස්තර ලබා ගන්නා බවත් එමෙන්ම යතුරු පැදිය ඝාතනය සඳහාම සොරකම් කර ගෙනා ආ එකක් ද යන්නත් සොයා බලන බවද පොලීසිය කියයි.

සොයා ගැනුනු යතුරු පැදිය කොස්ගොඩ පොලිස් ස්ථානය සඳහා රැගෙන ආ බවත් එය බොහෝ විට ඝාතනයේ නඩු භාණ්ඩයක් විය හැකි බවද පොලීසිය කියයි. කොස්ගොඩ පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post