එකවරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් විශාල ගැටලුවක් වෙලා

එකවරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් විශාල ගැටලුවක් වෙලා

Published on July 30, 2025, 08:18 AM

එකවරක් භාවිත කර ඉවත ලබන ප්ලාස්ටික් මේ වන විට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.

මේ ආකාරයට ඉවත ලන ප්ලාස්ටික්වලින් අති බහුතර  ප්‍රමාණයක් පරිසරයට එක්වන බවට සොයාගෙන තිබෙන බවද එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.

සියයට දහයත්, දොළහත් අතර ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කරන බවත් මෙරට භාවිත කරන සමස්ත ප්ලාස්ටික්වලින් සියයට හැටක් පමණ ප්‍රමාණයක්  එක්වරක් භාවිත කරන ප්ලාස්ටික් බවද පැවසීය.

පරිසරයට එක්වන ප්ලාස්ටික් ඇහිලීම හා එකතු කිරීම් සිදුකිරීමට විවිධ වැඩසටහන් සිදුකරන බවත්, එහෙත් එවැනි කටයුතුවලින් ප්ලාස්ටික් පරිසරයට එකතු වීම පාලනය කර ගැනීමට නොහැකි බවත් සඳහන් කළේය.

පරිසරයට එක්වන ප්ලාස්ටික් ඇළ මාර්ග හරහා ජලයට එකතු වන බවත්, ඉන් පසුව ඒවා මුහුදට ගලාගෙන යන බවත් කියා සිටියේය.

මේ නිසා එක්වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික්, අනෙකුත් ප්ලාස්ටික් හා පොලිතින් වර්ග භාවිත කිරීම අවම කිරීමට කඩිනමින් වැඩපිළිවෙළක් සකස් විය යුතු  බවද පැවසීය.

2021 දී එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ 5 වැනි සැසිවාරයේදී ප්ලාස්ටික් දූෂණය අවසන් කිරීම සඳහා ගෝලීය ගිවිසුමකට මගපාදන යෝජනාවක් ඉදිරිපත් වූ බවද පැවසීය.

ලබන අගෝස්තු මාසයේදී ජිනීවාහිදී මීට අදාළ අවසන් සාකච්ඡා වටයක් පැවැත්වෙන බවත් මේ ප්ලාස්ටික් භාවිතය අවම කර ගැනීම සඳහා මෙම සමුළුවට සිවිල් සංවිධාන ලෙස යොජනා රැසක් ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.මීට අදාළව අද (30දා) සිවිල් සංවිධාන, පරිසර සංවිධාන  අමතර සාකච්ඡාවක් පැවැත්වීමටත් කටයුතු කරන බවද පැවසීය. අද සකස් කර ගන්නා යෝජනාවලට ලබන මස පැවැත්වෙන සමුළුවට ඉදිරිපත් කරන බවද පවසා සිටියේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post