රජයේ සහතික මිල යටතේ වී මෙ.ටො. 5222 මිලදී ගත්තා

රජයේ සහතික මිල යටතේ වී මෙ.ටො. 5222 මිලදී ගත්තා

Published on July 30, 2025, 10:29 AM

රජයේ සහතික මිල යටතේ අද (29දා) දිනය වන විට වී ම්‍රෙටික්ටොන් පන්දහස් දෙසිය විසි දෙකක (5222) මිලදී ගෙන තිබෙන බව වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා සඳහන් කළේය.

වී අස්වැන්න වෙළඳ පොළට පැමිණෙන ප්‍රදේශවල මේ වනවිට වී ගබඩා සියයකට වැඩි ප්‍රමාණයක් විවෘතව පවතින බවද පැවසීය.

ඉදිරි සතියේදී තවත් ප්‍රදේශ කිහිපයක වී අස්වැන්න වෙළඳ පොළට පැමිණීමට නියමිත බවත්, මේ අනුව අදාළ ප්‍රදේශවලත් ගබඩා විවෘත කිරීමට කටයුතු කරන බවද පවසා සිටියේය.

වී මිලදී ගැනීම් සඳහා රජය රුපියල් කෝටි හයසීයක මුදලක් වෙන් කර තිබෙන බවත්, මෙම මුදලට අමතරව තවත් මුදල් අවශ්‍ය වුවහොත් මුදල් ලබාගෙන වී මිලදී ගැනීම් සිදුකරන බවත්, අද පුවත්පත සිදුකළ විමසීමකදී සභාපතිවරයා සඳහන් කළේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post