
Published on July 30, 2025, 09:13 AM
රුසියාවට රික්ටර් මාපාංකයේ 8.7ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙම භූමිකම්පාවත් සමග රුසියාව, ඇමෙරිකාව හා ජපනයේ ඇතැම් ප්‍ර දේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුක් කරනු ලැබීය.
ජපානයේ හොක්කායිඩෝ සිට කියුෂි දක්වා වෙරළ ප්‍ර දේශවලට මෙන්ම ඇමෙරිකාවේ බටහිර වෙරළ තීරය, ඇලස්කාවේ සමහර ප්‍ර දේශවලට, හවායි හා ගුආම්වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
රුසියාවේ Petropavlovsk-Kamchatsky, සිට සැතපුම් 78ක දුරකින් හා කිලෝමීටර් 18ක ගැඹුරකින් මෙම භූමිකම්පාව ඇතිව තිබේ. මෙම භූමිකම්පාව හේතුවෙන් කම්චට්කා ප්‍ර දේශයට මීටර් 3-4ක යුත් ීඋසකින් යුත් මුහුදු රළ ඇතිවිය. මේ හේතුවෙන් ජීවිත හානි සිදුව නැතත් දේපළ හානි සිදුව තිබේ.
දශක ගණනාවකට පසුව රුසියාවට බලපෑ දරුණූ භූමිකම්පාවක් ලෙස මෙය සැලකේ.