ව්‍යාජ පොලිස් පරීක්ෂක එකලස් කළ වාහන සමග අල්ලයි

ව්‍යාජ පොලිස් පරීක්ෂක එකලස් කළ වාහන සමග අල්ලයි

Published on July 30, 2025, 08:30 PM

ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් , එකලස් කොට සකස් කරන ලද මෝටර් රථ අලෙවි කිරීමට ඇති ස්ථාන සොයා ගොස් ඒවා ලබාගත් බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.

නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි එම පුද්ගලයාගේ නිවසේ තිබී සුඛෝපභෝගී ජීප්රථ තුනක් පොලීසිය අත් අඩංගුවට ගනු ලැබූ බවත් ඔහු සන්තකයෙහි තිබී පොලිස් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන අන්දමට  ව්‍යාජ ලෙස සකස්කරන ලද ප්‍රධාන පොලිස් පරීක්ෂක හැදුනුම්පතක් සහ පොලිස් නිල ඇදුම් කිහිපයක්ද පොලීසිය බාරයට ගනු ලැබූ බවත් පොලීසිය පවසයි.

පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටින අයෙකු පිළිබඳව පොලීසියට ලද තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ගම්පහ වැඩ බලන පොලිස් අධිකාරී ජේ.එච්.එන්.එම්.ජයපත්ම මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී එච්.එම්.ඩබ්ලිව්. හේරත් සහ වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂක චමින්ද පින්තු යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩිලාන් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් වැඩි දුර විමර්ශන සිදු කෙරේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post