යටිනුවර මරණ තුන ගැන විවෘත තීන්දුවක්

යටිනුවර මරණ තුන ගැන විවෘත තීන්දුවක්

Published on July 30, 2025, 09:25 PM

මහනුවර යහලතැන්න ප්‍රදේශයේ සිය නිවස තුල  අභිරහස් ලෙස මිය ගොස් සිටියදී ඊයේ  29 සොයා ගත් මහනුවර යටිනුවර ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක සහ හිටපු සභාපති චම්පික නිලන්ත මහතාගේ සහ ඔහුගේ බිරිඳගේ මෙන්ම  වැඩිමහල් දියණියගේ මෘත දේහයන් සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී ඊයේ (29) සවස පවත්වා ඇති අතර එහිදී මෙම මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී  මෘත ශරීරවල  කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

යටිනුවර ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත(52) මහතාගේ දේහය නිවස ආසන්නයේ  ස්ථානයක එල්ලෙමින් තිබියදී සහ බිරිඳ වන දිල්රුක්ෂි ජයලත් කුමාරගේ (44) සහ ඔවුන්ගේ වැඩිමහල් දියණිය වන ශිහාරා ආශිංසනී හපුගොඩ (17) යන  දෙදෙනාගේ   දේහයන් නිවස තුලදී තිබියදීත් සොයා ගෙන තිබිණ.

මිය ගිය විපක්ෂ නායක චම්පික නිලන්ත  විසින් සිය බිරිඳට සහ දියණියට නිති පෙති වැනි දෙයක් බොන්න දී ගෙළ හිර කර මරා තමාද දිවි නසා ගන්නට ඇති බවට පොලීසිය  සැක කරන නමුත් මෙහි සැබෑ තත්වය දැන ගැනීමට ලැබෙන්නේ රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසුව බවත් පොලීසිය කියයි.

මිය ගිය  චම්පික නිලන්ත මහතා මිය යාමට පෙර ලියා ඇති බව කියන පිටු හතරකින් යුත් ලිපිය සම්බන්ධයෙන්ද විශේෂ පරීක්ෂණයක් පොලිසිය විසින් අද 30 වනදා ආරම්භ කර තිබේ. මෙම ලිපියේ නම් සඳහන් ව්‍යාපාරිකයාගෙන් සහ උසස් පොලිස් නිලධාරිගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලීසිය කටයුතු කර ඇති අතර එම ප්‍රකාශ ලබා ගෙන  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ඉදිරි විමර්ශණ කටයුතු සිදු කරන බවත් පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මිය ගිය තිදෙනාගේ මෘත දේහයක් පවුලේ ඥාතින් වෙත භාර දී ඇති අතර එම මෘත දේහයන් මේ වන විට ඔවුන්ගේ නිවසේ තැන්පත් කර තිබේ.

මොහොමඩ් ආසික්

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post