ජනපති පැමිණෙයි

ජනපති පැමිණෙයි

Published on July 31, 2025, 08:04 AM

මාළදිවයින රාජ්‍යයේ තුන් දින නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 07/30 දින රාත්‍රී එය නිමා කරමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

ඔහු සමග මෙම සංචාරයට එක් වී සිටි විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ අනෙකුත්  රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස ද ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඔවුන් 07/30 දින රාත්‍රී 10.05  ට මාළදිවයින මාළේ නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 104 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස ඉකුත් 07/28 දින උදෑසන මාළදිවයින සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි .

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post