පේරාදෙණිය උමං මාර්ගය භාවිතා කිරීම ලබන 1දා සිට අනිවාර්යයි

පේරාදෙණිය උමං මාර්ගය භාවිතා කිරීම ලබන 1දා සිට අනිවාර්යයි

Published on July 30, 2025, 07:41 PM

පේරාදෙණිය රෝහල ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ ඉදි කර ඇති උමං මාර්ගය භාවිතා කිරීම  අගෝස්තු මාසයේ පළමු වනදා  සිට අනිවාර්ය කිරීමට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තීරණය කළේය.

ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය  වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කමිටුවේ අනුමැතිය හිමි විය.

කෘෂිකර්ම පශු සම්පත්  ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩි.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා  ඇතුළු  නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් මෙම  සම්බන්ධිකරණ කමිටු රැස්වීම පැවැත්විණ.

මෙහිදි ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ   පේරාදෙණිය රෝහල අසල මහාමාර්ගය මාරු වීමට ඉදි කර ඇති උමං මාර්ගය ජනතාව භාවිතා  නොකර පාර මාරු වීමට මහාමාර්ගය භාවිතා කිරීම නිසා විශාල තදබදයක් මෙන්ම අනතුරුදායක තත්වයක්ද උදා වී ඇති බවයි. ඒ නිසා මෙම  උමං මාර්ගය භාවිතා කිරීම අනිවාර්ය කළ යුතු බවත් එය අගෝස්තු පළමු වනදා සිට ක්‍රියාත්මක විය කළ බවත් ය.

කෙසේ නමුත් මෙම ස්ථානයේ පවත්වාගෙන යන මල් කඩ ඉවත් කිරීම සඳහා ලබන සැප්තැම්බර මස පළමු වනදා දක්වා කල් ලබා දීමටත් ඔවුන්ට විකල්ප ස්ථාන ලබා දීමට සොයා බැලීමටත් සම්බන්ධීකරණ කමිටුවේ අවධානය යොමු විය.

මොහොමඩ් ආසික්

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post