නව සූකර රක්ෂණයක්

නව සූකර රක්ෂණයක්

Published on July 30, 2026, 03:42 PM

අප්‍රිකානු සූකර උණ වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ මෙරට සූකර කර්මාන්තය යළි නඟාසිටුවීමේ අරමුණින් නව සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයකට අනුව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ සූකර පාලනයේ නිරත ගොවීන්ගේ ආර්ථික ආරක්ෂාව තහවුරු කිරීම සහ වසංගත තත්ත්වයන් හමුවේ සිදුවන පාඩු අවම කිරීම බවද එම රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව 2026 අගෝස්තු මාසය "සූකර රක්ෂණ මාසය" ලෙස ප්‍රකාශයට පත් කරමින්, අභිජනන සූකර සතුන් රක්ෂණයට යොමු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාණිජ මට්ටමින් පවත්වාගෙන යන සූකර ගොවිපළවල අභිජනන සතුන් මෙම රක්ෂණ යෝජනා ක්‍රමයට ඇතුළත් කිරීමට නියමිතය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post