පුද්ගලික ආරක්ෂක ආයතන නියාමනය ගැන සාකච්ඡාවක්

පුද්ගලික ආරක්ෂක ආයතන නියාමනය ගැන සාකච්ඡාවක්

Published on July 30, 2026, 06:42 PM

දිවයින පුරා ක්‍රියාත්මක පුද්ගලික ආරක්‍ෂක නියෝජිතායතනවල කටයුතු වඩාත් විධිමත් කිරීම, පාලනය කිරීම සහ ඊට අදාළ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය, මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ද සහභාගී විය.

පවතින පනතේ ඇති අඩුපාඩු හා දුර්වලතා හඳුනාගෙන ඒවා ශක්තිමත් කරමින් අදාළ පනත සංශෝධනය කර බලාත්මක කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරිණි. මෙහිදී දිවයින පුරා ක්‍රියාත්මක පුද්ගලික ආරක්‍ෂක ආයතන වල වත්මන් තත්ත්වය, නීතිමය රාමුව සක්‍රීය කිරීම හා කාලීන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම මෙන්ම, එම ක්ෂේත්‍රයේ දැනට පවතින ගැටලු පිළිබඳවද දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, පුද්ගලික ආරක්‍ෂක ක්ෂේත්‍රය යනු රාජ්‍ය හා පෞද්ගලික දේපළ සුරක්‍ෂිත කිරීමට සෘජුවම දායක වන වැදගත් ක්ෂේත්‍රයක් බවයි. එබැවින්, එම ආයතන ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව සිදුකිරීමත්, නීත්‍යනුකූල පටිපාටියකට අනුව පවත්වාගෙන යාමත් අත්‍යවශ්‍ය බව වැඩිදුරටත් අවධාරණය කළේය.

තවද, මෙම නියෝජිතායතන වෙත මනා පුහුණුවක් ලත් ආරක්‍ෂක නිලධාරීන් බඳවා ගැනීම, ඔවුන් සඳහා ආරක්‍ෂක නිශ්කාශන වාර්තා ලබාගැනීම, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම, හිමිවිය යුතු නිසි වැටුප් හා පහසුකම් ලබාදීම මෙන්ම සේවයට අදාළ ගුණාත්මක පුහුණුවක් ලබාදීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී විශේෂයෙන් සාකච්ඡා විය. මෙම කරුණු බලාත්මක කිරීම සඳහා වන නෛතික රාමුව නව සංශෝධන මගින් ක්‍රියාත්මක කිරීමට මෙමගින් බලාපොරොත්තු වේ.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post