මාස 9කදී රේගුව රු.බි. 4.5ක මත්ද්‍රව්‍ය අල්ලලා

මාස 9කදී රේගුව රු.බි. 4.5ක මත්ද්‍රව්‍ය අල්ලලා

Published on July 31, 2026, 08:35 AM

‘රටම එකට’ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මාස නවයක් තුළ රුපියල් බිලියන 4.5 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ චන්දන පුංචිහේවා පැවසීය.

කොළඹ පිහිටි ‘රටම එකට’ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේදී ඊයේ (30) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී චන්දන පුංචිහේවා මහතා එසේ පැවසීය.

‘රටම එකට’ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන 2025 වසරේ ඔක්තෝබර් මස 30 වැනිදා ආරම්භ කිරීමෙන් පසුව මෙම වසරේ ජූනි මස දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීම් 55 කින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 396 ක් අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් එම මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වීථි වටිනාකම රුපියල් බිලියන 4.5 ක් හෙවත් රුපියල් කෝටි 450 කට අධික බවත් ඒ මහතා කීය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post