
Published on June 30, 2026, 06:01 PM
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ අද (30) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස්කර ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාධිපති වශයෙන් 2024දෙසැම්බර් මස 31 වැනි දින රාජකාරී ආරම්භ කරන ලද වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් පසුනාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හමුදාධිපති වෙත විශේෂ සම්මාන ආචාරමුරයක් මඟින් උත්තමාචාර පිරිනැමිම,අද (30) නාවික හමුදා මූලස්ථානයේදි සිදු කෙරිණි.
ඔහු හෙට දිනයේදී සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.