භෞත චිකිත්සකවරිය ඝාතනයේ සිව්දෙනා රිමාන්ඩ්

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සිව්දෙනා රිමාන්ඩ්

Published on June 26, 2026, 05:43 PM

නුවරඑළියෙදි භෞත චිකිත්සකවරිය ඝාතනය කල ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය දුන් දෙදෙනා ඇතුලු සිව් දෙනා ජූලි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නුවරඑලිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය (26) දින නියෝග කලහ.

ප්‍රධාන සැකකරු , සැකකරුගේ බිරිද සහ සැකකරුට සහයෝගය ලබා දුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරා (25) දිනද නුවරඑලිය පොලිසිය මගින් නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 48ක රැදවුම් නියෝග ලබා ගෙන ප්‍රකාශ ලබා ගැනිමෙන් අනතුරුව එම සැකකරුවන් තිදෙනා සහ ප්‍රධාන සැකකරුට සහයෝගය ලබා දුන් නුවරඑලිය පොලිසිය මගින් (25) දින රාත්‍රියේ සැකපිට අත්ඩංඅංගුවට ගත් මැණික්හින්න පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක වරයාද (26) දින නුවරඑලිය මහේස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුවන් සැකකරුවන් සිව් දෙනාම බන්ධනාගාර ගත කිරිමට මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබූවේ.

සැකකරුගේ දරුවා මව භාරයේම රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කල බව නුවරඑලිය මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක පී.එස්.සී. සංජීව මහතා පැවසීය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post