කොළඹ බදුල්ල ලංගම බස් රිය දුම්රිය මගේ පෙරළෙයි

කොළඹ බදුල්ල ලංගම බස් රිය දුම්රිය මගේ පෙරළෙයි

Published on June 27, 2026, 08:10 AM

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ ලංගම මගී බස් රථයක් අද 27 අලුයම එකට පමණ දියතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය මාර්ගය හරහා පෙරළී ගොස් තිබෙනවා. බස් රථයේ ගමන් ගත් හතළිස් දෙක දෙනකු තුවාල ලබා මේ වන විට දියතලාව මූලික රෝහලට ඇතුළත් කරා. අනතුර හේතුවෙන් මේ වන විට උඩරට දුම්රිය මාර්ගය අවහිර තිබෙනවා. මේ පිළිබඳව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය දැනුවත් කර තිබෙනවා.

දියතලාව පොලිසිය ප්‍රදේශවාසීන් සමග එක්ව තුවාලකරුවන් කඩිනමින් දියතලාව මූලික රෝහල වෙත රැගෙන ගියා.සුවසැරිය ගිලන් රථ සේවය ඇතුළු දියතලාව රෝහලේ ගිලන් රථ රෝගීන් රෝහල් කරා යුහුසුළුව ගෙන යන ආකාරය දක්නට ලැබුණා.

අනතුරු සිදුවන අවස්ථාවේ බස් රථයේ සිටි බොහෝ මගින් නිදාගෙන සිටි බවයි මගින් පවසන්නේ. කෙසේ වෙතත් කිසිවෙකුට ජීවිත හානියක් හෝ ඉතා බරපතල තත්ත්වයේ තුවාල සිදුවී නැහැ. අනතුරට හේතුව රියදුරට නින්ද යාමද වෙනත් කාර්මික දෝෂයක් ද යන්න සොයා ගැනීම සඳහා දියතලාව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post