රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ

රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ

Published on June 28, 2026, 03:23 PM

ණය වර්ග 08කට ආදළ රුපියල් මිලියන  පන්ලක්ෂ,දහඅටදහස්,දෙසියඅනුතුනක (518,293)  ණය  ශේෂ 2022 වර්ෂයේ ගිණුම්ගත කිරිමේ දි  එම ණය ලබාගෙන අත්පත්කරගත් කිසිදු වත්කමක්  2025 වර්ෂය අවසන්වනවිටත් රජයේ මුල්‍ය ප්‍රකාශනවල  හදුනාගෙන නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

මෙකි ණය වර්ග 08 රජයේ මුල්‍ය ප්‍රකාශනවල  මුල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන්  මුළුමනින්ම පිටතින් පවත්වාගෙන ගොස් තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මේ අයුරින් වත්කම් ගිණුම්ගත කිරිමකින් තොරව  ණය ශේෂ ගිණුම්ගත  කිරිම  ද  මුල්‍ය තත්ත්ව  ප්‍රකාශනයේ  පොදු අරමුදලේ සෘණ ශේෂය  ඉහළ යාමට හේතුවි තිබුණි.

මුදල් ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුඑු ඇතුළත්ව ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post