රජයේ වාහන විකුණා රු. බිලියන 4ක් හොයයි

රජයේ වාහන විකුණා  රු. බිලියන 4ක් හොයයි

Published on June 28, 2026, 08:44 AM

රජයට අයත් වාහන සහ අනිකුත් වත්කම් විකිණිමෙන්  ඉකුත් මාස 16 තුලදි  රුපියල් මිලියන 4,040.9ක  ආදායමක් උපයාගෙන ඇති බැව්  කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය පවසයි.

වාහන විකිණිමෙන් පමණක්  මෙම කාලය තුලදි රුපියල් මිලියන  3,312.8ක ආදායමක් උපයාගෙන ඇත. වාහන අපහරණය  කිරිමෙන්  ලැබු ආදායම වැඩිවිමට ප්‍රධාන වශයෙන් හේතුවි ඇත්තේ  වත්කම් කළමණාකරණ චක්‍රලේඛ මගින් ලබාදි ඇති  උපදෙස් පරිදි  සුඛෝපභෝගි වාහන විකිණිමෙන් ලද ආදායම  බවද කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය පෙන්වාදෙයි.

රාජ්‍ය ආයතනවල සමස්ත වාහන සංඛ්‍යාව  96,027ක් වන අතර  මින් ධාවන තත්ත්වයේ නොපවතින වාහන සංඛ්‍යාව 3,911කි. මෙම වාහන අතුරින් වාහන  46,708ක්  වසර  15කට වඩා පැරණි වාහන බවද කොම්ප්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය සදහන් කරයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post