රුසියානු නියෝජ්‍ය විදෙස් ඇමතිත් එයි

රුසියානු නියෝජ්‍ය විදෙස් ඇමතිත් එයි

Published on March 31, 2026, 05:22 PM

රුසියානු ෆෙඩරේෂනයේ නියෝජ්‍ය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය අන්ද්‍රේ රුඩෙන්කෝ ( Andrey Rudenko ) ශ්‍රී ලංකාවේ 05 දින නිල සංචාරයක් සදහා 03/31 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.ඔහු සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීවරයෙකු ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ .

ඔවුන් 03/31 දින සවස 04.20 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 281 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ඔවුන් පිළිගැනීම සදහා වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු , ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරෙයාන් මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

මේ අනුව සතියක් ඇතුළත රුසියාවේ නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර මිට පෙර එරට බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයාද ලංකාවේ සංචාරයකට පැමිණියේය.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post