වැඩමුළුවකට ආපු දකුණු අප්‍රිකානු ජාතිකයෙක් අතුරුදන්

වැඩමුළුවකට ආපු දකුණු අප්‍රිකානු ජාතිකයෙක් අතුරුදන්

Published on March 28, 2026, 06:25 PM

කොල්ලූපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ සමාගමක් විසින් පවත්වන වැඩමුළුවකට පැමිණ සිටී දකුණු අප්‍රිකානු ජාතිකයෙකු අතුරුදන්ව ඇතැයි කොල්ලූපිටිය පොලිසිය පවසයි.

මෙම දකුණු අප්‍රිකානු ජාතිකයා පසුගිය (26) දින මෙරටට පැමිණ ඇති අතර, ඔහු කොල්ලූපිටියේ හෝටලයක නැවතී සිටියදී ඊයේ (27) අලුයම සිට මෙලෙස අතුරුදන්ව ඇති බවට අදාළ සමාගම විසින් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පොලිසිය දකුණු අප්‍රිකානු ජාතිකයා නැවතී සිටි හෝටල් කාමරය පරීක්ෂා කිරීමේදී ඔහුගේ මුදල් පසුම්බිය සහ විදේශ ගමන් බලපත්‍රය සොයාගෙන ඇත.

හෝටලයේ සීසී ටී වී කැමරා පරීක්ෂා කිරීමේදී මෙම දකුණු අප්‍රිකානු ජාතිකයා ඊයේ අලුයම පිටවන දර්ශන පටිගත වී ඇති බවද පොලිසිය පවසයි.  අතුරුදන් විදේශිකයා මෙතෙක් හමු වී නොමැත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post