පොහොර ආනයන වියදම වැඩිවෙලා

පොහොර ආනයන වියදම වැඩිවෙලා

Published on March 29, 2026, 08:23 AM

මෙරටට පොහොර ආනයනය කිරිම සදහා ඉකුත්  වර්ෂයේ දි (2025)   ඇමරිකානු ඩොලර් මිලියන 309.2 මුදලක් වැයවි තිබු අතර එය 2024 වර්ෂයට සාපේකෂව සියයට  53.7ක වැඩිවිමක් බැව් ශ්‍රි ලංකා මහබැංකුව පවසයි.

2024  වර්ෂයේ දි මෙරටට පොහොර ආනයනය කිරිම සදහා  ඇමරිකානු ඩොලර් මිලියන 201.1 මුදලක් වැයවි තිබුණි. ඒ අනුව 2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂයේ දි මෙරටට පොහොර ආනයනය කිරිම සදහා ඩොලර් මිලියන 108.1ක මුදලක් වැඩිපුර වැයවි ඇත.

කෙසේවුවද  මෙම වර්ෂයේ ජනවාරි මාසය තුල පොහොර ආනයනය කිරිම සදහා වැයවි ඇත්තේ ඩොලර් මිලියන 7.3කි.එහෙත් 2025 වර්ෂයේ ජනවාරි මාසය තුලදි  පොහොර ආනයනය කිරිම සදහා ඩොලර් මිලියන 12.6ක මුදලක් වැයවි තිබුණි.

ඉදිරි යල  කන්නයේ දි වි වගා කිරිම සදහා අවශ්‍ය සියලුම පොහොර වර්ග ගොවිජනසේවා ඹධ්‍යස්ථාන හරහා ලබාගත හැකි බැව් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි.මැදපෙරදිග යුද්ධය මත පොහොර මිල ඉහලයාහැකි බව උපකල්පනය මත  යම් යම් පාර්ශවයන් විසින් පොහොර තොග රැස්කිරිමට කටයුතු කරණ බවට පෙනිගොස්  ඇති බැවින් ගොවින්ට වි වගාව  සදහා අවශ්‍ය පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් පමණක් ලබාදිමට තිරණය කොට ඇති බවද හෙතෙම පවසයි.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post