
Published on February 02, 2026, 10:32 AM
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු ස්වාමීන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර, ඊට අදාළ නඩුව අද(02දා) යළි කැඳවූ අවස්ථාවේදී එම නියෝගය ලබා දී ඇත.