වැටලීමකට ගිය මහ දූෂණ මර්ධන ස්ථානාධිපතිට පහරදිමක්

වැටලීමකට ගිය මහ  දූෂණ මර්ධන ස්ථානාධිපතිට පහරදිමක්

Published on February 02, 2026, 07:25 AM

වැටලීමක නිරතව සිටීයදි. පුද්ගලයන් පිරිසක් සිදුකළ පහර දීමකින්  මහඔය පොලිසියේ දූෂණ මර්දනය ස්ථානාධිපතිවරයා  තුවාල ලබා.මහඔය  රෝහලට ඇතුළත් කර ඇති බව මහඔය පොලිසිය .සඳහන් කරයි.

මෙම පහර දීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත..

ස්ථානාධිපතිවරයා ඇතුළු තිදෙනෙකු ගල්වලයාය ප්‍රදේශයේ වැටලීමක නිරත වෙමින් සිටියදී පැමිණි පුද්ගලයන් තිදෙනෙකු විසින් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් පොලුවලින් පහර දීමක් සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පහර දීමෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාගේ දකුණු අතට තුවාල සිදුවීමෙන් ඔහු රෝහල් ගත කර ඇත.

මෙම පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්, සිද්ධිය වන අවස්ථාවේ ඔවුන් බීමතින් සිටි බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

shiey

Coding | Riding | Music, Embracing the beauty of code, the thrill of the ride, and the rhythm of life. Let's explore the journey together!

Post a Comment

Previous Post Next Post